2026 ජූලි 23 වන දින දෙහිවල පොලිස් වසමේ දෙහිවල මහරගම මාර්ගයේ දෙහිවල හන්දිය දෙසට ධාවනය වූ ත්රී රෝද රථයක් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත.
මියගිය කාන්තාව අවුරුදු 82ක් වූ දෙහිවල ප්රදේශයේ පදිංචිකකාරියකි. ත්රී රෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දෙහිවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














