කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජූලි 24) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු ආරම්භ වී ඇති අතර, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද දින මුළු දිනම පාහේ විවාදයට ගැනීමට නියමිතය.
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියේදී රැඳවියන්ගේ සහ නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම හා වගවීම ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් විපක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත පසුගිය 21 වන දින භාරදෙන ලදී. ඒ අනුව, පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා කාලය අදාළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා වෙන් කර ඇත.














