අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව අද (ජූලි 24) පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් නිල වශයෙන් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.
අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සහ මීගමුව බන්ධනාගාරයේ සිදුවීම් සම්බන්ධයෙන් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, මේ වන විට ඒ පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වෙමින් තිබේ.














