ශ්‍රී ලංකාවේ දෛනික කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරනු ලබන්නේ 43%ක් වැනි ප්‍රතිශතයක් බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (ජූලි 24) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර මිලියන 410 සිට ලීටර මිලියන 1,200 දක්වා ඉහළ නැංවීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1,000ක් වෙන් කර ඇති අතර, නිකවැරටිය අභිජනන ගොවිපොළ න්‍යෂ්ටික ගොවිපොළක් බවට සංවර්ධනය කිරීමට ද තවත් රුපියල් මිලියන 1,000ක් වෙන් කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. දේශීය කිරි ගොවීන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සහ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන් රජය දීපව්‍යාප්ත වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.














