බ්‍රිතාන්‍යයේ ඩෝසෙට් හි බ්ලැන්ඩ්ෆර්ඩ් ෆෝරම් ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ක්‍රිස්ටෝපර් කොල් සහ 38 හැවිරිදි කේලී කොල් යන විවාහක යුවළක් කැම්පර් වැන් රථයක් තුළ ගෑස් හීටරයක් භාවිත කිරීමෙන් පසු කාබන් මොනොක්සයිඩ් විෂවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය වසරේ ඔක්තෝබර් 12 වැනි දින නිව් ෆොරස්ට් සයිඩර් උත්සවයේ ප්‍රදර්ශකයන් ලෙස සහභාගී වී සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, වින්චෙස්ටර් මරණ පරීක්ෂක අධිකරණයේ පවත්වන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ගෑස් සිලින්ඩරයට හීටරය ආරක්ෂිතව සවි කර නොතිබීම නිසා මෙම කාන්දුව සිදුව ඇති බවයි. සංවෘත අවකාශයන් තුළ මෙවැනි උපකරණ භාවිත කිරීමේදී දැඩි සැලකිලිමත් විය යුතු බව බලධාරීන් පෙන්වා දී තිබේ.














