Anthropic සමාගම විසින් නිර්මාණය කරන ලද Claude නම් කෘත්‍රිම බුද්ධි (AI) පද්ධතිය පුහුණු කිරීම සඳහා අවසරයකින් තොරව කර්තෘ හිමිකම් සහිත පොත් භාවිත කළ බවට එල්ල වූ චෝදනා මත, හැරී පොටර් ග්‍රන්ථ ප්‍රකාශයට පත් කරන Bloomsbury ආයතනය ඇතුළු ප්‍රකාශකයන්ට ඩොලර් මිලියන ගණනක වන්දියක් ලබා දීමට කටයුතු යෙදී ඇත.
Bloomsbury ආයතනය යටතේ හැරී පොටර් කතුවරිය වන ජේ.කේ. රෝලිං (J.K. Rowling) ඇතුළු ජනප්‍රිය ලේඛකයන් වන සාරා ජේ. මාස් (Sarah J. Maas) සහ සුසානා ක්ලාර්ක් (Susanna Clarke) වැනි ලේඛකයන්ගේ කෘතිද ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම පියවර ගෙන තිබේ.














