බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් (Mohammed Shahabuddin) ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද (ජූලි 24) දිනයේදී බංග්ලාදේශයේ පාර්ලිමේන්තු කථානායක හෆීස් උද්දීන් අහමඩ් වෙත භාර දීමට නියමිතය.
රට තුළ සිදු වූ අරගලයකින් පසු ධුරයෙන් නෙරපා හරින ලද හිටපු අගමැතිනි ෂීක් හසීනා නැවත රටට පැමිණීමට සූදානම් වන බවට පළ වන වාර්තා සමඟ, ඇගේ හිතවාදියෙකු ලෙස සැළකෙන ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන්ගේ මෙම ඉල්ලා අස්වීම ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි අවධානයට ලක්ව තිබේ.














