ශ්‍රී ලංකාවේ දෛනික කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරනු ලබන්නේ 43%ක ප්‍රතිශතයක් පමණක් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත උපුටා දක්වමින් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (ජූලි 24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මෙරට වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර මිලියන 410 සිට ලීටර මිලියන 1,200 දක්වා ඉහළ නැංවීමේ අරමුණින් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














