ජපානයට බලපා ඇති අන්තගාමී උෂ්ණ තරංගය හේතුවෙන් පුද්ගලයන් සිය ගණනක් රෝහල්ගත කර ඇති අතර, එරට බලධාරීන් විසින් එය ‘ආපදාවක්’ ලෙස හඳුන්වා දී තිබේ. ටෝකියෝ නුවර පමණක් බදාදා දිනය තුළ පුද්ගලයන් 453 දෙනෙකු තාපය ආශ්රිත රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇති අතර, එය 2010 වසරේ වාර්තා තැබීම ආරම්භ කළ පසු වාර්තා වූ ඉහළම අගය වේ.
පසුගිය සතිය පුරා රට පුරා පුද්ගලයින් 11,000කට වැඩි පිරිසක් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇති අතර, අවම වශයෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. බ්‍රහස්පතින්දා පස්වරුව වන විට ස්ථාන කිහිපයකම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොස් ඇති අතර, මධ්‍යම ෂිසුවෝකා කලාපයේ හමාමට්සු ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 41.1ක වැඩිම උෂ්ණත්වයක් වාර්තා වී තිබේ. සෙල්සියස් අංශක 40ට වැඩි අන්තගාමී උෂ්ණත්ව සහිත දින හැඳින්වීම සඳහා “කොකුෂොබි” (කෲර ලෙස උණුසුම් දිනය) නමින් නව යෙදුමක් ද එරට බලධාරීන් හඳුන්වා දී ඇත.














