රස පරීක්ෂක වාර්තා නොමැති වීම නිසා බන්ධනාගාරගත රැඳවියන් 15,607 කට පමණ ඇප ලබා ගැනීමට නොහැකි වී ඇති බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අරඹමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර, බන්ධනාගාර තුළ පවතින අර්බුදයට සහ අධික ලෙස සිරකරුවන් පිරීයාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ද මෙම රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.














