දෙමළ සිනමා නිළි ආනන්දි අජේ (Anandhi Ajay), ඉදිරීයේදී තිරගත වීමට නියමිත විජේ ප්‍රධාන චරිතය රඟපාන ‘ජන නායකන්’ (Jana Nayagan) චිත්‍රපටයෙන් තමන්ගේ රංගන දර්ශනයක් සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබීම හේතුවෙන් දැඩි ලෙස කම්පාවට පත්ව කඳුළු සලන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.
ඇය සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ මෙම හැඟීම්බර වීඩියෝව බෙදාගෙන ඇති අතර, චිත්‍රපටයක මෙგැනි අත්දැකීමකට මුහුණ දීමට සිදුවීම කලාකාරිනියක ලෙස තමාට දැඩි වේදනාවක් ගෙන දුන් බව ඇය එහිදී පවසා ඇත.














