තිරසාර හෙටක් උදෙසා ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රයෝජනවත් ද්‍රව්‍ය බවට පරිවර්තනය කළ හැකි බවට සමාජය දැනුවත් කිරීමේ අරමුණින්, **Eco Spindles (Pvt) Ltd** සහ **ගුණදමින් Elephant House** ආයතන එක්ව අනුරාධපුර රුවන්වැලිසෑය පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් විශේෂ පරිසර සුරැකීමේ ආයතනික සාමාජීය වගකීම් (CSR) වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
පොසොන් පොහොය දිනට පසු දින, එනම් **2026 ජූනි 30 වන දින** පවත්වන ලද මෙම වැඩසටහන සඳහා ආයතන දෙකේ සේවකයන්, Thilaka Eco Centre හි නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු ස්වේච්ඡා සේවකයන් 60 දෙනෙකු සහභාගී වී ඇත. මෙහිදී ඉවතලන ලද ප්ලාස්ටික් බෝතල් කිලෝග්‍රෑම් 350 කට ආසන්න ප්‍රමාණයක් එකතු කර ඇති අතර, ඒවා Eco Spindles සමාගම මඟින් ප්‍රතිචක්‍රීකරණය කර නූල් සහ මොනොෆිලමන්ට් බවට පත් කිරීමට නියමිතය. නිසි අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රීකරණය හරහා චක්‍රීය ආර්ථිකයක් කරා ගමන් කිරීමේ සහ සංස්කෘතික හා ආගමික උරුමයන් සුරැකීමේ වැදගත්කම මෙමඟින් මනාව පිළිඹිමු වන බව Eco Spindles ප්‍රතිචක්‍රීකරණ අංශයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රශාන්ත මලිම්බඩගේ මහතා සහ Elephant House අලෙවි ප්‍රධානී දිල්ෂානි එදිරිසිංහ මහත්මිය මෙහිදී අවධාරණය කළහ.
















