පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි කඩොලාන පද්ධති 08ක් මෙලෙස නව රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජූලි 26 වනදාට යෙදෙන ජගත් කඩොලාන දිනයට සමගාමීව, ජූලි 27 වනදා පැවැත්වෙන විශේෂ වැඩසටහනේදී ඊට අදාළ ගැසට් පත්‍රයට අත්සන් කිරීමට නියමිතය. ‘කඩොලානට දලුලන්න ඉඩදෙන්න’ ජාතික වැඩසටහන යටතේ හෙක්ටයාර 162.72ක භූමි ප්‍රමාණයක් මෙලෙස රක්ෂිත ලෙස නම් කෙරේ. මෙරට සමස්ත කඩොලාන භූමි ප්‍රමාණය හෙක්ටයාර 12,500ක් පමණ වන අතර, ඉන් වැඩි ප්‍රමාණයක් ව්‍යාප්තව ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ මෝය ප්‍රදේශ ආශ්‍රිතවය.














