2026 ජූලි 23 වනදා සිට අගෝස්තු 2 වැනිදා දක්වා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන 42 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කළ නිල ක්‍රීඩා සහ podium ඇඟලුම් කට්ටලය MAS සමූහය විසින් එළිදක්වා තිබේ.
ශ්‍රී ලංකා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සංගමය (CGA Sri Lanka) සමඟ එක්ව කොළඹ ඔලිම්පික් නිවහනේදී මෙම ඇඟලුම් කට්ටලය හඳුන්වා දී ඇත. ශ්‍රී ලාංකේය සංස්කෘතිය හා උරුමය සමඟ බද්ධ වූ අලි ඇතුන්ගෙන් ආභාෂය ලැබූ **“Sacred Giants of Sri Lanka”** යන තේමාව යටතේ, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කාර්යසාධනය, සුවපහසුව සහ ජාතික අනන්‍යතාව මැනවින් කැපී පෙනෙන අයුරින් මෙම නිර්මාණ සිදු කර තිබේ.
















