උණ රෝගය වැළඳී ඇති ළමුන් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙසත්, නිවෙස්වල රැඳී සිටිමින් අත්බෙහෙත් කිරීමෙන් හෝ ස්වයං ප්රතිකාරවලින් වැළකී සිටින ලෙසත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා මව්පියන්ගෙන් ඉල්ී සිටී.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විටත් ඩෙංගු රෝගය වැළඳුණු ළමුන් 50 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබන අතර, එයින් හතරෙන් එකක් පමණ අසාධ්‍ය තත්ත්වයේ පුවේ. මෙම තත්ත්වය තවත් වර්ධනය වුවහොත් රෝහල් ධාරිතාව පිළිබඳ ගැටලු මතුවිය හැකි බව රෝහල් අධ්යක්ෂවරයා පෙන්වා දෙයි.
එබැවින්, දරුවන්ට උණ රෝගය පවතින්නේ නම් ප්‍රමාද නොවී ළඟම ඇති රජයේ රෝහල වෙත ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත්, දරුවන්ගේ ජීවිත අනවශ්‍ය ලෙස අවදානමට ලක් නොකරන ලෙසත් වෛද්‍යවරයා අවධාරණය කර ඇත.














