මීගොඩ ප්‍රදේශයේ ස්ථාන දෙකකදී තරුණියන් දෙදෙනෙකු මෝටර් රථයකින් අනතුරට ලක්කර පලා යමින් සිටි හෝමාගම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හයිලෙවල් පාරේ මීගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී සහ වටරැක 20 කණුව ආසන්නයේදී ඊයේ (25) රාත්‍රී 11.30ත් 11.57ත් අතර කාලය තුළ මෙම අනතුරු සිදුකර ඇති බව පොලිසිය තහවුරු කර ඇත.
අනතුරුව සිදු කරන ලද බීමත් පරීක්ෂාවකදී සැකකාර පොලිස් පරීක්ෂකවරයා මත්පැන් පානය කර රිය පදවා ඇති බවට අනාවරණය වී ඇති බව මීගොඩ පොලිසිය සඳහන් කරයි. අනතුරින් තුවාල ලැබූ තරුණියන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, සැකකරු පලා යාමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන් සහ පොලිසියේ මැදිහත්වීමෙන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අද (26) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. නීතිය ක්‍රියාත්මක කිරීමට වගකිවයුතු උසස් පොලිස් නිලධාරියෙකු විසින් මෙවැනි නීතිවිරෝධී හා නොසැලකිලිමත් ක්‍රියා සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ අංශ විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.














