ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ (NOSTROY) ඉහළ මට්ටමේ ව්‍යාපාරික නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී ඇත.
මෙම සංචාරය අතරතුර, උප සභාපති ඇන්ටන් මොරොස්ගේ නායකත්වයෙන් යුත් රුසියානු දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ ඇතුළු අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වා තිබේ. යටිතල පහසුකම් සංවර්ධනය, හෝටල් සංවර්ධනය, ආයෝජන සහ ශ්‍රී ලාංකික ඉදිකිරීම් වෘත්තිකයන් සඳහා විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇත.














