ඉන්දියාවේ NEET ප්‍රවේශ විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රට පුරා මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය අතරතුර, එම ගැටලුවට එරෙහිව විරෝධය පළ කරන සිසුන්ට සහය පළ කරමින් හිටපු අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්විය යුතු බවට ප්‍රකාශ කළ ප්‍රකට නිළි ජ්‍යෝතිකා, සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට එල්ල වූ විවේචනවලට සෘජුව ප්‍රතිචාර දක්වා තිබේ.
මෙම සිදුවීමට අදාළව, ඇයගේ ප්‍රකාශයත් සමඟ සමාජ මාධ්‍ය තුළ පක්ෂ සහ විපක්ෂ අදහස් රැසක් පළ වූ අතර, ඇතැම් පිරිස් ඇයව පෞද්ගලිකව විවේචනය කිරීමටද කටයුතු කර තිබිණි. “ඔයා ටිකක් කලින් ආවා මැඩම්” යනුවෙන් උපහාසාත්මකව පළ කළ අදහසකට පිළිතුරු දෙමින් ජ්‍යෝතිකා සඳහන් කර ඇත්තේ කිසිදු යහපත් ක්‍රියාවක් ප්‍රමාද නොවන බවයි.
එමෙන්ම, තමන් ඉන්දියාවේ ජීවත් වන අතර සිනමා කටයුතුවල නිරත වෙමින් එරට සමාජ ගැටලු සම්බන්ධයෙන් අදහස් දැක්වීම තම අයිතියක් බව පවසා ඇති ඇය, මුදල් ලබාගෙන සමාජ මාධ්‍ය සටහන් පළ කරන බවට සහ සිසුන්ට වඩා දේශපාලන කරුණු මුල් කර ගන්නා බවට එල්ල වූ චෝදනා ද දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. සිසුන්ගේ ආරක්ෂාව සහ ඔවුන් මුහුණ දෙන අසාධාරණතා පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ඇය එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.














