කුච්චවේලි පොලිස් වසමට අයත් නිලාවේලි මුහුදු තීරයේ දිය නෑමට ගිය විදේශීය සංචාරකයෙක් දියේ ගිලී මියගොස් ඇතැයි කුච්චවේලි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි වියේ පසුවූ නෙදර්ලන්ත ජාතික සංචාරකයෙකි. මරණකරු නිලාවේලි ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිටින අතරතුර, ඊයේ (26) සවස් කාලයේ නිලාවේලි මුහුදු තීරයේ දිය නෑමට ගොස් ඇති අතර, එහිදී හදිසියේ ඇති වූ දියවැලකට හසුව ඔහු දියේ ගිලී මියගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුච්චවේලි පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනු ලබයි.














