විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති අතර, ඊට අදාළ විශේෂ කැබිනට් පත්‍රිකාව අද (27) දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.මේ සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කර ඇත්තේ, මහාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ පමණක් නොව, අධිකරණ පද්ධතියේ සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වසර දෙකකින් ඉහළ නැංවීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.ඒ අනුව, අදාළ වයස් සීමාවන් දීර්ඝ කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර මේ වන විටත් ගනිමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. අද දින ඉදිරිපත් කෙරෙන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වූ වහාම, ඊට අදාළ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට රජය අපේක්ෂා කරයි.














