ප්‍රකට ‘Springwatch’ සහ ‘Autumnwatch’ ඇතුළු වනජීවී වැඩසටහන් ගණනාවක් මෙහෙයවූ, බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය හාස්‍ය නළුවෙක් මෙන්ම පරිසරවේදියෙකු වූ බිල් ඔඩී (Bill Oddie) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 85 වැනි වියෙහි පසුවිය. 1970 දශකයේ ‘The Goodies’ හාස්‍ය නාට්‍ය කණ්ඩායම හරහා ලෝකප්‍රකට වූ ඔහු, පසුව වනජීවී සහ පක්ෂි නිරීක්ෂණය පිළිබඳ ප්‍රවීණයෙකු ලෙස කටයුතු කරමින් බ්‍රිතාන්‍ය රූපවාහිනී ප්‍රේක්ෂකයින් අතර අතිශය ආදරයට පාත්‍ර වූ අතර, පරිසර සංරක්ෂණය වෙනුවෙන් ඔහු කළ මෙහෙවර ජාත්‍යන්තර මට්ටමින් දැඩි ඇගයීමකට ලක්ව තිබුණි.කලා ක්ෂේත්‍රය සහ පරිසරවේදී මෙහෙවර වෙනුවෙන් ඔහු ජීවිත කාලය පුරාම ලබාදුන් දායකත්වය අනාගත පරපුරට ද ආදර්ශයක් වන අතර, ඔහුගේ වියෝව ලෝකවාසී කලා හා පරිසරවේදී ප්‍රජාවට පිරවිය නොහැකි පාඩුවකි.













