ඓතිහාසික දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳ අවසන් තීරණය ගැනීමේ තීරණාත්මක සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබේ.මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ මාතර දිසාපති චන්දන තිලකරත්න යන මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී සිටිති.














