බ්‍රසීල භාණ්ඩ මත අමෙරිකාව විසින් පනවා ඇති තීරුබදු බාහිර මැදිහත්වීමකට සමාන වන බව පවසන බ්‍රසීල මූල්‍ය අමාත්‍ය ඩාරියෝ ඩුරිගන් (Dario Durigan), ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසු මෙම වෙළඳ මතභේදය විසඳෙනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළේය.
ඇමරිකාව විසින් බ්‍රසීල නිෂ්පාදන කිහිපයක් මත 25%ක තීරුබදුවක් පැනවූ අතර, පසුගිය සතියේ බලහත්කාර ශ්‍රම ගැටලු සම්බන්ධයෙන් තවත් 12.5%ක අතිරේක බද්දක්ද ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම නව පියවරයන් හේතුවෙන් බ්‍රසීල අපනයන වලින් 23.1%කට බලපෑම් එල්ල වන අතර, එයින් 16.5%කට 37.5%ක ඒකාබද්ධ බදු මුදලකට මුහුණ දීමට සිදු වනු ඇතැයි බ්‍රසීලය ඇස්තමේන්තු කර ඇත.
ළඟ එන ජනාධිපතිවරණයේදී වත්මන් රජයට එරෙහිව තරඟ කරන දක්ෂිනාංශික විපක්ෂයේ ක්‍රියාකාරීන් විදේශීය පාර්ශ්වයන්ගේ සහය අපේක්ෂා කිරීම මෙම තත්ත්වයට බලපා ඇති බව ඩුරිගන් චෝදනා කළේය.
කෙසේ වෙතත්, ලබන මස පැවැත්වෙන ජී-20 (G20) රැස්වීම් අතරතුර අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent) හමුවී බ්‍රසීලයේ ස්ථාවරය වෙනුවෙන් පෙනී සිටීමට තමා අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.














