බර්ලින් නුවර පැවති ප්‍රයිඩ් (Pride) සැමරුම ඉලක්ක කර ගනිමින් මෝටර් රථයක් වැද්දවීමෙන් සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාර දක්වන බව ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මෙර්ස් (Friedrich Merz) ප්‍රකාශ කර තිබේ. මිනීමරු ප්‍රහාරය එල්ල කළ සැකකරු මීට පෙර බන්ධනාගාරගත කර නොතැබීම පිළිබඳව ජර්මනිය තුළ මේ වන විට දැඩි ආන්දෝලනයක් මතුව තිබේ.
පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද සැකකරු, 21 හැවිරිදි ජර්මානු පුරවැසියෙකු වන අබ්දුල් බැලූට් (Abdul Ballout) ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු ඉස්ලාමීය රාජ්‍ය (IS) සංවිධානයට සම්බන්ධ වීමට උත්සාහ කර ඇති බවට තොරතුරු අනාවරී වී ඇත.
ප්‍රහාරයෙන් බර්ලිනයේ ටියර්ගාර්ටන් (Tiergarten) උද්‍යානය අසලදී 60 හැවිරිදි පෝලන්ත ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලැබූහ.
රාජ්‍යයට එරෙහි බරපතල ප්‍රචණ්ඩ ක්‍රියාවක් සූදානම් කිරීමේ වරදට මැයි මාසයේදී බැලූට් හට බාලවයස්කාර නීතිය යටතේ සිරදඬුවමක් නියම වී තිබුණද, නඩු විභාගය පවතින අතරතුර ඔහු පරීක්ෂක නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ නිදහස් කර සිටියේය.
මෙම සැකකරු නිරන්තර නිරීක්ෂණයට ලක්ව සිටියදීත් මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට හැකි වූයේ කෙසේදැයි ප්‍රශ්න කර ඇති චාන්සලර් මෙර්ස්, අධිකරණ බල ප්‍රදේශවල සිදුව ඇති අඩුපාඩු පරීක්ෂා කර බැලීමට ෆෙඩරල් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාට උපදෙස් දී තිබේ.














