ශ්‍ර්‍රී ලංකාවේ සිලෝන් එනර්ජි සමාගම සංවිධානය කළ Energize 2026 ජාත්‍යන්තර දැනුම් හුවමාරු සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ Delaware ප්‍රාන්තයෙහි ස්ථාපිත Apollo Energy නව ආයෝජන වෙබ් අඩවිය නිල වශයෙන් එළිදක්වා තිබේ. “Latest Industrial Developments in the Energy Sector” තේමාව යටතේ පැවති මෙම සමුළුවට ජාත්‍යන්තර බල ශක්ති තාක්ෂණ සමාගම් නියෝජනය කළ විශේෂඥයන්, ඉංජිනේරුවන්, ආයෝජකයන්, ව්‍යාපාර නායකයන්, මූල්‍ය ආයතන නියෝජිතයන් සහ බල ශක්ති ක්ෂේත්‍රයේ පාර්‌ශ්වකරුවන් රැසක් එක්වූහ.
සමුළුවේදී නවීන බල ශක්ති පද්ධති, ස්මාර්ට් ග්‍රිඩ් තාක්ෂණය, සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ නවෝත්පාදන සහ ඩිජිටල් බල ශක්ති යටිතල පහසුකම් සම්බන්ධ නවතම ගෝලීය ප්‍රවණතා පිළිබඳ සාකච්ඡා කෙරිණි. Hubbell Power Systems, CTC Global සහ Aclara Technologies සමාගම්වල විශේෂඥයන් ද සම්පත් දායකයන් ලෙස එක්වූ අතර “Shaping the Future of Energy” මැයෙන් පැවති විද්වත් සංවාදයේදී Fabio C. Faria, Julian Roteta, Dr. Timothy See Thoe, Jeff Butler සහ Hitesh Mundhada යන ජාත්‍යන්තර විශේෂඥයන් අනාගත බල ශක්ති පද්ධති, තාක්ෂණ නවෝත්පාදන සහ ගෝලීය ආයෝජන ප්‍රවණතා පිළිබඳ අදහස් ඉදිරිපත් කළහ. එහිදී සිලෝන් එනර්ජි සභාපති හා නිර්‌මාතෘ මධූ ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, Apollo Energy සහ Energize වේදිකා දැනුම, නවෝත්පාදනය සහ සහයෝගීතාව මඟින් බල ශක්ති ක්ෂේත්‍රය සවිබල ගැන්වීම අරමුණු කරගත් වැඩසටහන් බවයි.
Apollo Energy වෙබ් අඩවිය මඟින් ශ්‍ර්‍රී ලංකාව සහ කලාපීය රටවල ක්‍රියාත්මක බල ශක්ති හා යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයන් සම්බන්ධ කිරීම සහ විනිවිදභාවයෙන් යුතු ආයෝජන පරිසරයක් ගොඩනැගීම අරමුණු කර ඇත. පෞද්ගලික සහ ආයතනික ආයෝජකයන්ට තිරසාර බල ශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජන අවස්ථා සලසාදීම සහ ව්‍යාපෘති සංවර්‌ධකයන් හා ආයෝජකයන් අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම එහි ප්‍රධාන අපේක්ෂාවන් ලෙස සිලෝන් එනර්ජි සමාගම සඳහන් කළේය.














