ශ්‍රී ලංකාවේ ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම නැනෝ තාක්ෂණය යොදාගත් ‘Royale INFINITY’ ලක්ෂරි ඉන්ටීරියර් ඉමල්ෂන් තීන්ත නිෂ්පාදනය නිල වශයෙන් වෙළඳපොළට හඳුන්වා දී තිබේ. මීගමුව හෙරිටන්ස් හෝටලයේ පැවති උත්සවයකදී එම නිෂ්පාදනය එළිදැක්වූ අතර, ප්රමුඛ අලෙවි නියෝජිතයන් සහ ආයතනික ප්‍රධානීන් රැසක් ඊට එක්වූහ. නව නිෂ්පාදනය නැනෝ තාක්ෂණය ඔස්සේ උසස් මට්ටමේ සුමුදු නිමාවක් ලබාදෙන ලක්ෂරි අභ්‍යන්තර තීන්තයක් ලෙස සමාගම හඳුන්වා දෙයි.
එම අවස්ථාවේදී ඒෂියන් පේන්ට්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ කලාපීය අධ්‍යක්ෂක බුද්ධාදිත්ය මුඛර්ජි මහතා සඳහන් කළේ Royale INFINITY හඳුන්වාදීම ශ්ර්රී ලංකාවේ අලංකරණ තීන්ත වෙළඳපොළට නව තාක්ෂණික විසඳුමක් එක් කරන පියවරක් බවයි. ඒෂියන් පේන්ට්ස් කෝස්වේ ශ්ර්රී ලංකා ප්‍රධානී වෛතිලිංගම් කිරිදරන් මහතා ප්‍රකාශ කළේ, දේශීය පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ සමීක්ෂණ මත සංවර්ධනය කළ මෙම නිෂ්පාදනය පස් ගුණයකින් වැඩි සුමුදු නිමාවක් ලබාදෙන බවත්, සීරීම්, පැල්ලම් සහ සියුම් ඉරිතැලීම්වලට ඉහළ ප්‍රතිරෝධයක් දක්වන බවත්ය. Luxe Pearl Finish සහ Soft Matt Finish යන නිමාවන් දෙකෙන් මෙන්ම වර්ණ 3,000කට අධික සංඛ්‍යාවකින් මෙම නිෂ්පාදනය ලබාගත හැකි බව ද සමාගම සඳහන් කළේය.
Royale INFINITY නිෂ්පාදනය Wimpey Laboratories LLC ආයතනය විසින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බවට සහතික කර ඇති අතර, බිත්ති මත පුස් සහ දිලීර වර්ධනය වැළැක්වීම, බහුල බැක්ටීරියා වර්ගවලට එරෙහිව 99.9%ක ආරක්ෂාවක් සැපයීම සහ අවම VOC මට්ටමක් පවත්වා ගැනීම වැනි ගුණාංගවලින් සමන්විත බව සමාගම පවසයි. APEO-free නිෂ්පාදනයක් ලෙස ද හඳුන්වා දී ඇති Royale INFINITY සඳහා වසර 7ක කාර්යසාධන වගකීමක් ද ලබාදෙන බව ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම නිවේදනය කළේය.














