ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 65ක් පිරීම නිමිත්තෙන් පිලිපීනයේ ඩාවෝ (Davao) නගරයේ ස්ථාපිත කළ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කර තිබේ.
මින්දනාඕ (Mindanao) ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම පිලිපීන ජාතිකයින්ට මැනිලා නුවර වෙත නොගොස් පහසුවෙන් කොන්සියුලර් සේවාවන් ලබාගැනීමට මෙමගින් අවස්ථාව හිමිවේ. මීට අමතරව, දකුණු පිලිපීනයේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් වන ඩාවෝ නගරය හරහා ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර වෙළෙඳ, ආයෝජන, සංචාරක සහ සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමටද මෙම අලුත් කාර්යාලය මගින් මඟපෑදෙනු ඇත.














