පසුගිය වසර අටක කාලයම මෙරටට ශාපයක් වූ බවත්, විශේෂයෙන්ම ගෙවුණු වසර දෙක තුළ රට තුළ කිසිදු සංවර්ධනයක් සිදු නොවූ බවත් සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කරයි.
මොරටුව ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ බලපත්‍ර ප්‍රශ්න, ප්‍රවාහන වියදම් සහ අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හමුවේ මොරටුවේ වඩු කාර්මිකයන් සහ ධීවර ජනතාව දැඩි අසීරූතාවට පත්ව ඇති බවයි. රජය දේශීය නිෂ්පාදකයන් මත අධික බදු පටවමින් විදේශීය ආනයනකරුවන්ට සහන ලබාදෙන බවට චෝදනා කළ ඒ මහතා, රටේ ආර්ථිකය ගොඩනැගීමට නම් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්වය පෝෂණය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද අවධාරණය කළේය.














