මෙරට බෞද්ධ සිද්ධස්ථාන, පුරාවිද්‍යාත්මක උරුමයන්, විහාර දේවාල පූජා භූමි සහ ශාසනික දේපළ විනාශ කිරීම්, බලහත්කාරයෙන් අත්පත් කරගැනීම් මෙන්ම ස්වාමීන් වහන්සේට අපහාස කිරීම ඇතුළු ක්‍රියාවන් සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙසත් සහ නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මහා සංඝරත්නය රජයෙන් ඉල්ලා සිටිති.
සම්බුද්ධ ශාසනයට සහ රට දැය සමයට එල්ල වී ඇති නූතන අභියෝගවලට මුහුණ දීම සහ ශාසනික අර්බුද විසඳීම අරමුණු කරගනිමින් ශාසনারක්ෂක සංඝ සභාව විසින් සංවිධානය කරන ලද ‘මහා සඟ සමුළුව’ කොළඹ කොටුව ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
‘සුඛා සංඝස්ස සාමග්ගී’ (සංඝයාගේ එකමුතුව සැපතකි) යන තේමාව යටතේ පැවැත්වුණු මෙම සමුළුවේදී සමාජීය හා ශාසනික අර්බුද හමුවේ සිංහල බෞද්ධ ජනගහනය අඩුවීම, පැවිදි වීමට ඇති උනන්දුව අඩුවීම, ගම සහ පන්සල අතර සබඳතාව ගිලිහී යෑම මෙන්ම මිසදිටු බලවේගයන්ගෙන් ශාසනයට සිදු වන හානි පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳুরাගාරේ ධම්මරතන හිමි සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි යන නායක හිමිවරුන්ගේ මූලිකත්වයෙන් පැවති මෙම සමුළුව කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට සහය පළ කිරීම සඳහා සංවිධානය කරන ලද්දක් නොවන බව උන්වහන්සේ අවධාරණය කළහ.














