චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවීමේ 99 වැනි සංවත්සරය නිමිත්තෙන්, ශ්රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මැතිතුමාගේ ප්රධානත්වයෙන් කොළඹ ෂැංග්රි-ලා හෝටලයේ දී සංවිධානය කර තිබූ සැමරුම් උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී තිබේ.මෙම අනුස්මරණ උත්සවය චීන දේශයේ අතීත ගෞරවය, වර්තමාන ශක්තිය සහ අනාගත දැක්ම එක්ව පිළිබිඹු කරමින් චීනයේ ඓතිහාසික ගමන, එහි හමුදා නවීකරණ අභිලාෂයන් සහ ගෝලීය සාමය සඳහා වන කැපවීම සංකේතවත් කරනු ලබන බව ඒ මහතා සඳහන් කර ඇත. සාමය, සංවර්ධනය සහ සහයෝගීතාව වෙනුවෙන් චීන ජනතාවට සුබ පැතුම් එක් කර ඇති රාජපක්ෂ මහතා, දෙරට අතර පවතින මිත්රත්වය හුදෙක් දේශපාලනික හවුල්කාරිත්වයක් පමණක් නොව, අර්බුදකාරී අවස්ථාවන්හි දී එකිනෙකාට උපකාර කරගනිමින් සංවර්ධනයේදී එක්ව ඉදිරියට යන සැබෑ මිත්රත්වයේ බැඳීමක් ලෙස ගෞරවයෙන් සිහිපත් කර තිබේ.














