මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ ප්‍රවාහන පහසුකම් වඩාත් කාර්යක්ෂම කිරීම අරමුණු කර ගනිමින් ‘සිසු සැරිය’ බස්රථ සේවාව අද (28) සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබීය.මන්නාරම දිස්ත්‍රික්කයට පළමු වරට හඳුන්වා දෙන මෙම සේවාව යටතේ මන්නාරම සිට තලෙයිමන්නාරම දක්වා පාසල්වල සිසු දරුදැරියන් ප්‍රවාහනය කිරීම සඳහා පළමු බස්රථය යොදවා ඇති අතර, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මැදිහත්වීම මත බස්රථ 20ක් යොදවා පළමු අදියර ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම සේවාව යටතේ සිසුන්, ගුරුවරුන් සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා සාමාන්‍ය බස් ගාස්තුවෙන් අඩක් පමණක් අයකරන අතර, ඉතිරි මුදල රජය විසින් දරනු ලබයි. මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ජගදීස්වරන්, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනගේෂ්වරන් සහ උතුරු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති එස්. විමලේෂ්වරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














