ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ලබන වසරේ දී මීටත් වඩා වැඩි මුදලක් වැය කරන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.
කොළඹ දිස්ත්‍රික් මාර්ග පද්ධති සම්බන්ධීකරණ කමිටු රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වී කොළඹ දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් දැනට අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර තිබේ.














