ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග 2 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශුබ්මන් ගිල්ගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය ටෙස්ට් සංචිතය නම් කර තිබේ.මෙම සංචිතයේ උප නායකත්වය ලෝකේෂ් රාහුල් විසින් දරනු ලබන අතර, යෂස්වි ජයිස්වාල්, රිෂාබ් පාන්ට්, සායි සුදර්ශන්, ධෘව් ජුරල්, රවීන්ද්‍ර ජඩේජා, කුල්දීප් යාදව්, මානව් සුතාර්, ජස්ප්‍රිත් බුම්රා, මොහොමඩ් සිරාජ්, ප්‍රසිද් ක්‍රිෂ්ණා, ගුර්නූර් බ්‍රාර්, දේව්දුත් පඩික්කල් සහ සරන්ෂ් ජේන් යන ක්‍රීඩකයෝ සංචිතයට ඇතුළත් වෙති. ශ්‍රී ලංකා – ඉන්දීය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන මස 15 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.














