ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන යටතේ ආයෝජකයින් 23 දෙනෙකු වෙත ප්‍රාදේශීය කර්මාන්තපුර 13කින් ඉඩම් කොටස් වෙන් කර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ, ව්‍යාපෘති ඇගයීම් මණ්ඩලයේ නිර්දේශ මත තේරී පත් වූ ආයෝජකයින් 23 දෙනා වෙත වසර 35 ක බදු පදනම යටතේ අදාළ ඉඩම් කොටස් පැවරීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇති අතර, මෙම ව්‍යාපෘති සඳහා සිදු කිරීමට නියමිත සමස්ත ආයෝජනය රුපියල් මිලියන 2,805.26 ක් වන අතර එමඟින් සෘජු රැකියා අවස්ථා 870 ක් පමණ උත්පාදනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත.














