නාරාහේන්පිට සහ නුගේගොඩ දුම්රිය ස්ථාන අතර පිහිටි නාවල – නාරාහේන්පිට පාර දුම්රිය හරස් මාර්ගයේ සිදුකිරීමට නියමිත අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමට සහ අදාළ හරස් මාර්ගය වසා තැබීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව එළැඹෙන අගෝස්තු 01 වැනිදා උදෑසන 07.00 සිට ඉරිදා පස්වරු 08.00 දක්වා කොළඹ කොටුව සහ නුගේගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ඇත. මෙම කාලසීමාව තුළ කැලණිවැලි මාර්ගයේ සෙසු කොටස්වල ධාවනය වන දුම්රියයන්හි සංශෝධිත කාලසටහන් පිළිබඳවද දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් මහජනතාව දැනුවත් කර තිබේ.














