රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව, Microsoft Office 365 තාක්ෂණය ඔස්සේ ලිපි කළමනාකරණය සහ රැස්වීම් කාලසටහන්ගත කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ හා පුහුණු වැඩසටහනක් අද (28) මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්විණි.
අමාත්‍යාංශය වෙත ලැබෙන සියලුම ලිපි ඩිජිටල් පද්ධතියක් ඔස්සේ කළමනාකරණය කිරීමත්, ඒ හරහා නිවසේ සිට පවා රාජකාරි ඉටු කිරීමට පහසුකම් සැලසීමත් මෙම වැඩසටහනේ මූලික අරමුණයි. ස්වාධීන දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ ප්‍රධාන නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ මෙම පුහුණුව හරහා රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත්, ලිපි ප්‍රමාදය අවම කිරීමත් අපේක්ෂා කෙරේ. මෙම පියවර ක්‍රියාත්මක කර ඇත්තේ “ප්‍රතිඵලදායක සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික මෙහෙයුමට සමගාමීවය.














