ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී (JKH) සමාගම ජාත්‍යන්තරව ප්‍රචලිත ඩබ්ලිව්සීස් (Wendy’s) ක්ෂණික ආහාර සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් තම පාරිභෝගික ආහාර නිෂ්පාදන කළඹ ක්ෂණික ආහාර සේවා අංශය දක්වා ව්‍යාප්ත කිරීමට පියවර ගෙන තිබේ.
මෙම ව්‍යාපෘතියට අදාළ නියෝජිතත්ව ගිවිසුම් සහ මූලික කටයුතු මේ වන විටත් සම්පූර්ණ කර ඇති බවත්, ඒ යටතේ මෙරට ප්‍රථම ඩබ්ලිව්සීස් අවන්හල ඉදිරි 2026 වසරේ දෙසැම්බර් මාසය වන විට විවෘත කිරීමට නියමිත බවත් එම සමාගම වැඩිදුරටත් තහවුරු කරයි.
මෙම නව ව්‍යාපාරික පියවර හරහා මෙරට වේගයෙන් වර්ධනය වෙමින් පවතින ක්ෂණික ආහාර වෙළඳපොළ තුළ සිය වෙළඳපොළ ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම අපේක්ෂා කරන අතර, එය දේශීය ආර්ථිකයට සහ පාරිභෝගික සේවා ක්ෂේත්‍රයට නව මානයක් එක් කරනු ඇති බවට අපේක්ෂා කෙරේ.














