ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වැනි ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් නව ශිෂ්‍යභට නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (28) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
අයදුම්කරුවන් 625 දෙනෙකු අතුරින් තේරී පත්වුණු ශිෂ්‍යභට නිලධාරීන් 43ක් සහ නිලධාරිනියන් 04ක් ඇතුළුව සමස්ත නිලධාරීන් 47 දෙනෙකු මෙහිදී පත්වීම් ලිපි ලබාගත්හ. විධායක, ඉංජිනේරු, සැපයුම්, නාවික පාබල, විදුලි හා විද්‍යුත් සහ විනයාරක්‍ෂක යන අංශ සඳහා මොවුන් එක්වන අතර, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ස්වෛරීභාවය සහ ජාතියේ ගෞරවය සුරැකීම වෙනුවෙන් කැපවන ලෙස නාවික හමුදාධිපතිවරයා මෙහිදී නවක නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.














