තමන් ධුරයට පත්වීමෙන් පසු ප්‍රථම වතාවට ඉරාක අගමැති අලි අල්-සයිදි (Ali al-Zaidi) ප්‍රමුඛ නිලධාරී මණ්ඩලයක් තුර්කියේ සංචාරයක නිරත වෙති. දෙරට අතර උපායමාර්ගික සහයෝගිතාව, ආරක්ෂක ගැටලු, ජල කළමනාකරණය සහ ආර්ථික සබඳතා වර්ධනය කරගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.
මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වැසීයාම හමුවේ තුර්කිය හරහා දිවෙන නළ මාර්ගයෙන් යළිත් ඉරාක තෙල් අපනයනය කිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමුවී තිබේ. දෙරට අතර පැවති පැරණි තෙල් ගිවිසුම කල්ඉකුත් වී ඇති බැවින් නව ගිවිසුමකට එළඹෙන තෙක් පැරණි ගිවිසුම වසරකින් දීර්ඝ කරගැනීමටත්, ඉරාකය හරහා වැටී ඇති “සංවර්ධන මාවත” (Development Route) ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා තුර්කියේ සහාය ලබාගැනීමටත් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
තොරතුරු උපුටා ගැනීම: Al jazeera ඇසුරින්














