ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සෞඛ්‍ය සේවා ජාලයක් වන මෙඩිහෙල්ප් රෝහල් හි ගල්කිස්ස රෝහල ජාතික තත්ව සහ ඵලදායිතා සම්මේලන 2026 සම්මාන උළෙලේදී රන් සම්මාන තුනක් සහ රිදි සම්මාන තුනක් දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ජාතික සම්මේලනයේදී ආයතනය විසින් ඉදිරිපත් කරන ලද සියලුම ගුණාත්මක සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙම ජාතික මට්ටමේ ඇගයීම හිමි වී තිබේ.
මෙම ව්‍යාපෘති මඟින් රෝගී ආරක්ෂාව ඉහළ නැංවීම, සායනික සේවාවේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, සේවා කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීම සහ රෝගීන්ගේ රැඳී සිටීමේ කාලය අවම කිරීම වැනි ප්‍රායෝගික විසඳුම් හඳුන්වා දී ඇත. බහුවිධ වෘත්තීය කණ්ඩායම් එකතු වී ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘති හරහා සේවකයන්ගේ නවෝත්පාදන මඟින් දීර්ඝ කාලීන වටිනාකමක් අත්කර ගත හැකි බව ඔප්පු වී ඇති බව මෙඩිහෙල්ප් රෝහල් හි සාමාන්‍යාධිකාරී ශම්මි පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ආයතන කළමනාකාරීත්වය සඳහන් කළේ නවීන වෛද්‍ය තාක්ෂණය, යටිතල පහසුකම් සහ මානව සම්පත් සංවර්ධනය සඳහා අඛණ්ඩව ආයෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ජනතාවට උසස් තත්වයේ සෞඛ්‍ය සේවාවක් සැපයීමට බලාපොරොත්තු වන බවයි. ගුණාත්මක කළමනාකරණය හා ඵලදායිතාව අගයන මෙම ජාතික වේදිකාව තුළ ලැබූ මෙම ජයග්‍රහණය මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ අඛණ්ඩ සංවර්ධනය තවදුරටත් තහවුරු කිරීමක් ලෙස සැලකේ.














