වෙන්නප්පුව සින්දාත්‍රිය වෙරළට ගොඩගසා තිබූ හඳුනා නොගත් කුඩා පෙට්ටියක් පරීක්ෂා කිරීමේදී එහි ජීව අත්බෝම්බ කොටස් 10ක් හමුවී ඇති බව වෙන්නප්පුව මූලස්ථාන පොලීසිය පවසයි.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, ප්‍රදේශවාසියෙකු විසින් ලබා දුන් තොරතුරක් මත මෙම පෙට්ටිය සොයාගෙන ඇති අතර, එහි මතුපිට ‘9 mm CTN’ සහ ‘IND.GOVT.EXPLOSIVE 1.4S’ ලෙස මුද්‍රණය කර තිබීම නිසා මෙය ඉන්දීය ආරක්ෂක අංශ විසින් භාවිත කරන ලද එකක් ලෙස සැක කෙරේ. පෙට්ටියේ මතුපිට මුහුදු බෙල්ලන් තැන්පත් වී තිබීමෙන් පෙනී යන්නේ එය සැලකිය යුතු කාලයක් මුහුදේ පාවීෙමින් පැමිණ ඇති බවයි. පසුව, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් 28 වැනිදා රාත්‍රියේ මෙම පෙට්ටිය විවෘත කර පරීක්ෂා කරනු ලැබීය.














