පාලන මිල ඉක්මවා රුධිර පරීක්ෂාව සඳහා රුපියල් 150ක වැඩිපුර මුදලක් අය කළ වවුනියාවේ පිහිටි පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ පහක (500,000/-) දඩයක් නියම කිරීමට වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබේ.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වවුනියාව දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී, සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් (FBC) සඳහා පනවා ඇති රුපියල් 400ක පාලන මිල ඉක්මවා රුපියල් 550ක මුදලක් අය කර ඇති බව අනාවරණය විය. ඒ අනුව, පාරිභෝගික අධිකාරිය පනත යටතේ නිකුත් කර ඇති විධාන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම දඩ මුදම නියම කර ඇත.














