අභ්‍යන්තර සහ බාහිර ආර්ථික කම්පන හමුවේ වුවද ශ්‍රී ලංකාව පවත්වාගෙන ගිය ස්ථාවර ආර්ථික පිළිවෙත හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන ප්‍රගතියක් අත්පත් කර ගැනීමට හැකි වී ඇතැයි කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ජාත්‍යන්තර ආයතනය විසින් 2026 ජූලි මාසයේදී නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව, ණය පාරදෘශ්‍යභාවය සහ ආයෝජක විශ්වාසය වර්ධනය කර ගැනීමේදී ශ්‍රී ලංකාව ලෝක මට්ටමින් 4 වන ස්ථානය අත්පත් කරගෙන ඇති බවත්, හුවමාරු සහ පරිවර්තන (T&C) ශ්‍රේණිගත කිරීම 2022 දී තිබූ CCC මට්ටමේ සිට 2026 වන විට B- දක්වා දියුණු වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ආනයන සීමා කිරීමෙන් තොරව මහ බැංකුවේ උපායමාර්ගික මැදිහත්වීමෙන් විදේශ සංචිත ගොඩනගා ගැනීමට හැකි වූ බවත්, 2026 පළමු කාර්තුව තුළ 5.1% ක ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකි වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














