සාහිත්‍ය උළෙලේදී ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ශෂී තරූර් විසින් ශ්‍රී ලංකාවේ ‘මහාවංශය’ සහ ‘දීපවංශය’ වැනි වංශකතා සංස්කෘතික ඉතිහාසයේ මූලාශ්‍ර ලෙස අගය කරමින් කළ දේශනයට යාපනයේ මාධ්‍යවේදියකු වන අරුලිනියන් මහලිංගම්ගෙන් ප්‍රතිචාරයක් ලැබී තිබේ.
තරූර් සිය දේශනය තුළ මෙම ග්රන්ථ “පූජනීය භූගෝල විද්‍යාවක්” (Sacred geography) ලෙස උත්කර්ෂයට නංවා තිබුණද, දෙමළ භාෂාව කතා කරන ජනතාවට එම ග්රන්ථ හුදෙක් සංස්කෘතික මතකයන් පමණක් නොවන බව මහලිංගම් පෙන්වා දෙයි. සියවසකට අධික කාලයක් තිස්සේ බහුතරවාදී මතවාදයක මූලික ග්‍රන්ථය වී ඇති මහාවංශය, තමන් ආක්‍රමණිකයන් ලෙස නම් කරමින් මිනිසුන්ට වඩා අඩු අගයක් ඇති ජීවීන් ලෙස සලකා ඇති බවත්, එම කෘති සැබෑ ඉතිහාස වාර්තා නොව සිදුවීම් සිදුවී සියවස් ගණනාවකට පසු ආගමික මතවාද සමාජගත කිරීමේ අරමුණින් රචනා කරන ලද භක්තිමත් කාව්‍යයන් බවත් ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම දිවයින ‘ධම්මදීපය’ සහ ‘සිංහදීපය’ ලෙස හඳුන්වමින් විජය කුමරු හරහා ගොඩනංවන ලද සම්භවය සහ ජනපදකරණ ප්‍රවාදය ජාතිකවාදී මතවාදයකට මුල් වී ඇති ආකාරය මෙමඟින් සාකච්ඡා කෙරේ.














