2026 ජූලි 23 වන දින වත්තල පොලිස් වසමේ කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුරදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව එම කාර්යංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026 ජූලි 29 දින සවස සීදූව පොලිස් වසමේ මූකළන්ගමුව ප්‍රදේශයේදී සැකකරුවන් පැමිණි මෝටර් රථය කුලී පදනම මත ලබා ගැනීමට ඔහුගේ ගිණුමෙන් මුදල් බැර කරමින් අපරාධය සඳහා ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 24ක් වන මූකළන්ගමුව, සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














