මහාධිකරණය, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය යන මෙරට ප්‍රධාන ඉහළ අධිකරණ තුනේ පමණක් දැනට පවතින විනිසුරු පුරප්පාඩු සංඛ්‍යාව 25ක් වන බව වාර්තා වේ.
අධිකරණ සංවිධාන පනතට අනුව මහාධිකරණ විනිසුරු තනතුරු 110ක් ස්ථාපිත කර තිබුණද, දැනට සක්‍රීය සේවයේ නිරත වන්නේ විනිසුරුවරුන් 93ක් පමණක් වන අතර එහි පුරප්පාඩු 17ක් පවතී. ඊට අමතරව අභියාචනාධිකරණයේ පුරප්පාඩු 4ක් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4ක් පිරවීමට ඇත. මීට අමතරව, ඉදිරි අධිකරණ සංවිධාන පනත් සංශෝධන යටතේ මහාධිකරණ විනිසුරු සංඛ්‍යාව 120 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇති බවද සඳහන් වේ.














