එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) විසින් පනවා ඇති බව කියන ‘නිහඬ වීසා තහනමක්’ හේතුවෙන් තමන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටින බව පාකිස්තාන ව්‍යාපාරික ප්‍රජාව පවසයි.
මෙම තත්ත්වය නිසා ජාත්‍යන්තර වෙළඳ කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර විශාල අපනයන අලාභයක් සිදුවෙමින් පවතින බව ව්‍යාපාරික නායකයෝ චෝදනා කරති. පාකිස්තාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සහ වෙළෙඳුන් ඇතුළු පාකිස්තානුවන් සඳහා වීසා නිකුත් කිරීම එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් අත්හිටුවා ඇති බවයි.
කෙසේවෙතත්, නිල වශයෙන් එවැනි වීසා තහනමක් නොමැති බවත් සියලු කාණ්ඩ යටතේ වීසා අයදුම්පත් සලකා බැලීම තවදුරටත් සිදුවන බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් ප්‍රකාශ කළද, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ නිල ප්‍රකාශ සහ ව්‍යාපාරිකයන් මුහුණ දෙන ප්‍රායෝගික අත්දැකීම් අතර පැහැදිලි පරස්පරතාවයක් පවතින බව වාර්තා වේ














