නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 4,650,000ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ ලාංකික ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (30) උදෑසන ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති 43 හැවිරිදි මාරවිල, හලාවත ප්‍රදේශයේ පදිංචි මෙම ව්‍යාපාරිකයා, පැමිණීමේ පර්යන්තයේ ‘හරිත මාවත’ ඔස්සේ කිසිවක් ප්‍රකාශ නොකර රැගෙන යාමට තැත්කිරීමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත. ඔහුගේ ගමන් මලු දෙකක සඟවා තිබී විදේශීය නිෂ්පාදිත දුම්වැටි 31,000ක් (කාටූන් 155ක්) රේගු භාරයට ගෙන ඇති අතර, සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.














