සිය විශිෂ්ට සේවා කාලයෙන් පසු යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අතර නිල හමුවක් අද (30) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වී තිබේ.
නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි යුද හමුදාපතිවරයා වෙත නාවික හමුදාවේ අභිමානය පිළිබිඹු කරමින් සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පිරිනමා පිළිගෙන ඇති අතර, එහිදී යුද හා නාවික හමුදා අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා හමුදාපතිවරයා දැක්වූ ආදර්ශමත් නායකත්වය නාවික හමුදාපතිවරයා විසින් විශේෂයෙන් අගය කර ඇත. මෙම හමුව සංකේතවත් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.














