තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව අදාළ පෙත්සම ලබන ජනවාරි මස 19 වන දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර ඇත.














